ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය ඉංජිනේරු උපදේශක සහ ඉදිකිරීම් සේවා ක්ෂේත්රයන්හි දීර්ඝ අත්දැකීම් සතු දිවයිනේ ප්‍රමුඛතම ආයතනයකි.
අපගේ සේවාවන් ඉදිකිරීම් ක්ෂේත්රයෙහි පුළුල් පරාසයක් නියෝජනය කරයි. වාස්තු විද්‍යා, ඉංජිනේරු විද්‍යා, භූ ගර්භ විද්‍යා සහ ප්‍රමාණ සමීක්ෂණ සේවා ඒ අතර මුල් තැන ගනියි.
අදාල ක්ෂේත්රයන් හි විශේෂිත දැනුමින් සපිරි අපගේ කාර්ය මණ්ඩලය අප සතු වටිනාම සමිපතයි. ඔවුහු තම නිර්මාණාත්මක කටයුතුවල නිම් වළලු පුළුල් කිරීමට දැඩි උනන්දුවකින්,
නිරන්තරයෙන්ම ඇප කැප වී සිටිති.
ලොව මවිත කල ඉදිකිරීම් රැසක් නිර්මානය කල ජාතියක දූ දරුවන් වන අපි, අප මුතුන් මිත්තන්ගේ නිමැවුම් තුලින් ලබන ආශ්වාදයෙන් දිරිමත්ව, අපගේ වෘත්තීය හැකියාවන් වඩාත්
කාර්යක්ෂමව දැයට දායාද කරන්නට කැපවී සිටින්නෙමු.
දහසකට අධික අපගේ කාර්ය මණ්ඩලය තුල 900 පමන දෙනා තාක්ෂණික අංශ වලට අයත් වෙති.
වැඩි දුර තොරතුරු...
කාර්යාංශය ජාත්‍යන්තර උපදේශක සේවා සහ ඉදිකිරීම් ව්‍යාපෘති රැසකට දායක වී ඇත.වැඩි දුර තොරතුරු..